Posts

Showing posts from September, 2021

කෘෂිකර්ම ප්‍රතිපත්තියක් වෙනුවෙන් පෙනී සිටි හෙක්ටර් කොබ්බෑකඩුව

Image
  සත්ත්ව වර්ගයාගේ යහපැවැත්ම වෙනුවෙන් අත්‍යවශ්‍ය සාධක අතරින් ආහාරවලට හිමි වන්නේ සුවිශේෂී ස්ථානයකි. මිනිසත් බව ලද අපද කෘෂිකර්මය මත පදනම් වූ ජීවන රටාවකට හුරු වූයේ මීට අවුරුදු දහස් ගණනකට පෙර සිටය. ලොව අනෙකුත් ශිෂ්ඨාචාර කුමක් හෝ ගංගාවක නැතහොත් ජල ධාරාවක් පදනම් කොටගෙන ආරම්භ වුව ද අපේ සංස්කෘතියට බොහෝ විට පාදම වී ඇත්තේ අහස් දිය හෙවත් වැස්සෙන් ලැබෙන ජලය අවුරුද්ද පුරාවට මනා සේ කළමනාකරණය කර ගැනීම පිණිස ගොඩනැගූ මහා වැව් සහ ඒ ආශ්‍රිතව ඉදි කරන ලද වාරි මාර්ග ක්‍රමවේදයන් වේ. එදා පෙර රජ දවස සිට පැවත ආ අපගේ කෘෂිකර්මය හා ඒ ආශ්‍රිත ක්‍රියාවලියේ දී වස විසෙන් තොර කෘෂිකාර්මික ප්‍රතිපත්තිය හා ආහාර සුරක්ෂිතතාව පිළිබඳව සොයා බැලීමේදී කතා බහට ලක්වන නම් අතුරින් හෙක්ටර් කොබ්බෑකඩුව නාමයට හිමි වන්නේ සුවිශේෂී ස්ථානයකි. වර්ෂ 1916 අගෝස්තු මස 27 වැනි දින මහනුවර දිස්ත්‍රික්කයේ යටිනුවර දෙල්දෙනිය වලව්වේ උපත ලද හෙක්ටර් සෙනරත් රාජකරුණා බණ්ඩාර කොබ්බෑකඩුව මැතිතුමාගේ ආදරණීය දෙමව්පියන් වන්නේ ටිකිරි බණ්ඩාර කොබ්බෑකඩුව සහ සංඝමිත්තා දුල්ලෑව කුමාරිහාමි යන දම්පතීන් යුවලයි. මහනුවර ත්‍රිත්ව විද්‍යාලයෙන් සිප්සතර හැදෑරූ එතුමන් ඉන් අනතු...

දේශීය ආර්ථිකය පණ ගැන්වීමට කෘෂි කර්මාන්තයෙන් පිළිතුරක්

Image
  කොවිඩ් යනු අපට ඇති එකම අභියෝගය නොවේ. අප ජය ගත යුතු තවත් අභියෝග රැසක් ඇත. ඒ බාධක ජය ගැනීමට අපට ඇති එකම ශක්තිය, කෘෂි ආර්ථිකය සවිබල ගැන්වීමය. මේ සම්බන්ධයෙන් රජරට විශ්වවිද්‍යාලයේ, කෘෂිකර්ම පීඨයේ, කෘෂි පද්ධති අංශයේ ආචාර්ය සංජය ප්‍රනාන්දු මහතා සමඟ කළ සාකච්ඡාවක් ඇසුරෙන් මේ ලිපිය සැකසිණි. කලින් කලට මතු වන විවිධ ආර්ථික, දේශපාලන හා සමාජීය අර්බුද, සෑම රටකම ආර්ථික මර්මස්ථානවලට බරපතළ බලපෑම් එල්ල කරයි. දෙවැනි ලෝක යුද්ධයෙන් පසු ලොව සෑම රටකටම එක් ප්‍රස්තුතයක් හේතු කර ගෙන ආර්ථික බලපෑමක් එල්ල කළේ ද කෝවිඩ් වසංගතයය. මේ වන විට කෝවිඩ් හේතුවෙන් තම ආර්ථිකයට එල්ල වූ බලපෑම් අවම කර ගනිමින්, නැඟී සිටීමට සෑම රටක්ම මහත් වෙහෙසක් දරමින් සිටී. ඒ අනුව අමෙරිකාව, යුරෝපා රටවල් මෙන්ම ආසියානු රටවල් සියල්ල ද තම ආර්ථික දේහය ශක්තිමත් කරන මුඛ්‍ය ආර්ථික මෙවලම් බල ගැන්වීමට කටයුතු කරමින් සිටින මොහොතක, අප ද රටක් වශයෙන් දේශීය ආර්ථිකය පණ ගැන්වීමට වහ වහා පෙළ ගැසිය යුතුය. තවත් අවම වශයෙන් දෙවසරක්වත් කොවිඩ් සමඟ ජීවත් වීමට මානව වර්ගයාට සිදු වේ යැයි පැවසෙන අනාවැකියත් සමඟ, අපේ ආර්ථිකය සවිබල ගැන්වීමට නම්, අවධානය යොමු කළ යුතු ප්‍රමුඛතම ...

ඇගලුම් කම්හල් වැසීයාමේ අවදානම

Image
  ඉන්ධන මිල ඉහළ යෑමේ බලපෑම රටේ සෑම පවුලකටම දැනෙනු ඇතිය යන්න රහසක් නොවේ. ඉහළ යන්නට ඉඩ තිබෙන ප්‍රවාහන වියදම් අත්‍යාවශ්‍ය ආහාරවල මිල සහ වෙනත් භාණ්ඩ හා සේවා මිල සමගම එන්නට ඉඩ තිබෙන තවත් අවදානමක් වන්නේ යුරෝපා සංගමයෙන් ශ්‍රී ලංකාවට එල්ලවීමට ඉඩ තිබෙන තර්ජනයයි. යුරෝපා පාර්ලිමේන්තුවේ දී සම්මත වූ යෝජනාවලියක් ප්‍රකාරව මෙරටට ලබා දී තිබෙන ජීඑස්පී ප්ලස් බදු සහනය ඉවත් කරගැනීමට කටයුතු කරන්නේ යැයි ඔවුන් තර්ජනය කර ඇත. ගෙවුණු සතියේ දේශපාලන තීරුවේ, යුරෝපා පාර්ලිමේන්තුව පිහිටා ඇත්තේ ලක්සම්බර්ග් නුවර යැයි සදහන්වූයේ වැරදීමකිනි. යුරෝපා පාර්ලිමේන්තුව පිහිටා තිබෙන්නේ ස්ට්‍රාස්බර්ග් නුවරය. යුරෝපය යනු ශ්‍රී ලංකාවේ දෙවන