දුර පැනීමේ නව ශ්‍රී ලංකා වාර්තාවක්

කාන්තා දුර පැනීමේ ඉසව්වෙන් නව ශ්‍රී ලංකා වාර්තාවක් පිහිටුවීමට සාරංගි සිල්වා ඊයේ (23) සමත්වුණි. ඒ තුර්කියේ ඉස්ථාන්බුල් හි පැවැති මලල ක්‍රීඩා තරගාවලියකදීය. තුර්කියේ ඉස්ථාන්බුල්හි පැවැති මලල ක්‍රීඩා තරගාවලියේ දී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ඊට සහභාගී වූ සාරංගි සිල්වා එහිදී දැක්වූ දක්ෂතාව මීටර් 6.44ක් ලෙස සටහන් වී තිබේ. සාරංගි විසින් බිඳ හෙලුවේ 2015 වර්ෂයේ දී මීටර් 6.43ක දක්ෂතාවක් දක්වමින් චාමි ප්‍රියදර්ශනී විසින් තබා තිබු ශ්‍රී ලංකා දුර පැනීමේ වාර්තාවය. සාරංගි සිල්වා කටාර් රාජ්‍යයේ පුහුණු කටයුතු සිදුකරන අතර නේපාලයේ පැවති දකුණු ආසියානු ක්‍රීඩා උළලේ දී ශ්‍රී ලංකාව වෙනුවෙන් දුර පැනීමේ රන් පදක්කම දිනා ගැනීමට ඇය සමත් වුවාය.

Comments

Popular posts from this blog

ඇගලුම් කම්හල් වැසීයාමේ අවදානම

ශ්‍රී ලංකාවේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ඉතිහාසය සහ කොතලාවල වෛද්‍ය පීඨය: "නිදහස් අධ්‍යාපනයේ මිනී පෙට්ටියේ අවසාන ඇනේ"

ඊශ්‍රායල-පලස්තීන ගැටුම සහ එක්සත් ජනපද මැදිහත් වීම