කෘෂිකර්ම ප්‍රතිපත්තියක් වෙනුවෙන් පෙනී සිටි හෙක්ටර් කොබ්බෑකඩුව
සත්ත්ව වර්ගයාගේ යහපැවැත්ම වෙනුවෙන් අත්‍යවශ්‍ය සාධක අතරින් ආහාරවලට හිමි වන්නේ සුවිශේෂී ස්ථානයකි. මිනිසත් බව ලද අපද කෘෂිකර්මය මත පදනම් වූ ජීවන රටාවකට හුරු වූයේ මීට අවුරුදු දහස් ගණනකට පෙර සිටය. ලොව අනෙකුත් ශිෂ්ඨාචාර කුමක් හෝ ගංගාවක නැතහොත් ජල ධාරාවක් පදනම් කොටගෙන ආරම්භ වුව ද අපේ සංස්කෘතියට බොහෝ විට පාදම වී ඇත්තේ අහස් දිය හෙවත් වැස්සෙන් ලැබෙන ජලය අවුරුද්ද පුරාවට මනා සේ කළමනාකරණය කර ගැනීම පිණිස ගොඩනැගූ මහා වැව් සහ ඒ ආශ්‍රිතව ඉදි කරන ලද වාරි මාර්ග ක්‍රමවේදයන් වේ. එදා පෙර රජ දවස සිට පැවත ආ අපගේ කෘෂිකර්මය හා ඒ ආශ්‍රිත ක්‍රියාවලියේ දී වස විසෙන් තොර කෘෂිකාර්මික ප්‍රතිපත්තිය හා ආහාර සුරක්ෂිතතාව පිළිබඳව සොයා බැලීමේදී කතා බහට ලක්වන නම් අතුරින් හෙක්ටර් කොබ්බෑකඩුව නාමයට හිමි වන්නේ සුවිශේෂී ස්ථානයකි. වර්ෂ 1916 අගෝස්තු මස 27 වැනි දින මහනුවර දිස්ත්‍රික්කයේ යටිනුවර දෙල්දෙනිය වලව්වේ උපත ලද හෙක්ටර් සෙනරත් රාජකරුණා බණ්ඩාර කොබ්බෑකඩුව මැතිතුමාගේ ආදරණීය දෙමව්පියන් වන්නේ ටිකිරි බණ්ඩාර කොබ්බෑකඩුව සහ සංඝමිත්තා දුල්ලෑව කුමාරිහාමි යන දම්පතීන් යුවලයි. මහනුවර ත්‍රිත්ව විද්‍යාලයෙන් සිප්සතර හැදෑරූ එතුමන් ඉන් අනතු...