Posts

Showing posts from August, 2021

හයිටි දේශයට සදා වද දෙන හිතක් පපුවක් නැති භූමිකම්පා

Image
  ලෝකයට බලපාන ස්වභාවික විපත් අතරින් වැඩි ම හානියක් සිදුකරන ස්වභාවික විපත්වලට භූමිකම්පා ද අයත්. ශ්‍රී ලාංකිකයන් වන අපට භූමිකම්පා සම්බන්ධයෙන් වැඩි අත්දැකීමක් නැතත් සමහර රටවල්වල ජීවත් වන ජනතාව භූමිකම්පාවලට නිතර ම මුහුණ දෙනවා. ඒ වගේ භූමිකම්පාවලින් නිතර ම පීඩා විඳින රටවල් අතරට කැරිබියන් දූපත් ආශ්‍රිත ව පිහිටා තිබෙන හයිටි දේශය ද අයත්. 

මිනිස් හැඩ ඇති රොබෝවරයා Elon Musk ගේ Tesla Bot

Image
  ගැජට් මිනිස් හැඩ ඇති රොබෝවරයා Elon Musk ගේ Tesla Bot Chanuka Nadun 22 Aug 2021 Share https://roar.media/sinhala/tech/gadgets/optimus-the-tesla-bot Copy Link 2K නැරඹීම් Share Save for later මිලියන ගණනක් මිනිසුන්ගේ රැකියා නුදුරේදී ම අහිමි වන අනාගත ව්‍යාපෘතියක් පිළිබඳ ව  Tesla සමාගමේ නිර්මාතෘ Elon Musk පසුගිය දවසක හෙළි කළා. 2019 වසරේදී Self Driving Day ලෙසත්, 2020 දී Battery Day ලෙසත් මාතෘකා ගෙන පැවැත්වුණ වාර්ෂික Tesla event එක මේ වසරේ දී නම වුණේ A.I. Day ලෙසයි. ඔවුන්ගේ වෙබ් අඩවිය හරහා සජීවී ව විකාශය කෙරුණු මේ වසරේ A.I. Day event එකේ දී කෘත්‍රිම බුද්ධි තාක්ෂණය ඔස්සේ Tesla දියුණු වන ආකාරයත් මේ තාක්ෂණය හරහා බල ගැන්වෙන ඔවුන්ගේ නව ව්‍යාපෘති පිළිබඳවත් හෙළි කරන්න ඔවුන් කටයුතු කළා. Elon Muskට අනුව මේ රොබෝවරයා අනාගතයේ මිනිසුන් විශාල ප්‍රමාණයක රැකියා අහිමි කරන බව තමයි ඔහු කියන්නේ. ඊට අමතර ව ඔවුන්ගේ නවත ම ව්‍යාපෘතියක් වන Dojo ත් කාගේත් අවධානය දිනාගත්තා. Tesla Bot - මිනිස් හැඩ ඇති රොබෝවරයා  ඔබ ලොව සුප්‍රකට I,Robot, Terminator, A.I. වගේ චිත්‍රපට  බලලා තියෙනවා නම් මේ එහි රොබෝවරු ස...