Posts

Showing posts from July, 2021

ඔලිම්පික් ඉතිහාසයේ සත්කාරක රටවල දස්කම් විස්කම්

Image
  ක්‍රීඩා ඔලිම්පික් ඉතිහාසයේ සත්කාරක රටවල දස්කම් විස්කම් Nadun Liyanagedara 24 Jul 2021 Share https://roar.media/sinhala/main/sport/host-countries-of-olympics Copy Link 647 නැරඹීම් Share Save for later   ඔලිම්පික් උළෙලක සත්කාරකත්වය හිමිවීම ඕනෑ ම රටක් ලබන විශාල ජයග්‍රහණයක්. ඒ අයුරින් ඔලිම්පික් සත්කාරකත්වය හිමි වන රටවල්වලට වැඩි ක්‍රීඩක ක්‍රීඩිකාවන් ප්‍රමාණයක් ඔලිම්පික් උළෙලට සහභාගි කරවීමට අවස්ථාව ලැබෙනවා. එලෙස තරගවලට සහභාගි වන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට හුරු පුරුදු පරිසරයක ක්‍රීඩා කිරීමට අවස්ථාව හිමි වීම අමතර වාසියක්. එනිසා බොහෝ අවස්ථාවල දී සත්කාරක රට ඔලිම්පික් පදක්කම් සටහනේ සැලකිය යුතු පදක්කම් ප්‍රමාණයක් හිමි කර ගන්නවා. නමුත් ඔලිම්පික් ඉතිහාසය දෙස ආපසු හැරී බැලීමේ දී වැඩි දස්කම් පෙන්වීමට නොහැකි වුණු සත්කාරක රටවල් ද හමුවනවා. මේ ඔබ වෙත ගෙන එන්නේ ඔලිම්පික් තරග ඉතිහාසයේ සත්කාරක රටවල් පෑ හපන්කම් පිළිබඳව යි.  ඔලිම්පික් සත්කාරකත්වය හිමිවුණු රටවල් සහ නගර  මෙවර ජපානයේ ටෝකියෝ නුවර දී පැවැත්වෙන්නේ 32 වන ගිම්හාන ඔලිම්පික් ඔලිම්පික් උළෙල යි. පසුගිය වසර 125 ඇතුළත ඔලිම්පික් උළෙල අවලංගු ...

දේශගුණික විපර්යාස සහ වසංගත සාගතය

Image
  පීඩාවට ලක් වෙලා තියෙන මිනිස්සු දේශගුණික විපර්යාස ඇති කිරීමට බිඳක් හෝ දායක වී නැත. ඔවුන්ට කාර් නැත, තියෙන්නේ කරත්ත. ඔවුන්ට උදුන් නෑ, විදුලිබලය නැත. ඇත්තටම ගෝලීය උණුසුම ඉහළ නැඟීම වෙනුවෙන් ඔවුන්ගේ දායකත්වය බින්දුවයි. එසේ තිබියදී මේ ප්‍රශ්නයෙන් දැවෙන්නේ ඔවුන්ය. ඒ නිසා සදාචාරාත්මකව බැලුවත් අප ඔවුන්ට උපකාරී විය යුතුයි.’ වසංගතය මැද ආ සාගතය ලෝකයේ රටවල් ගණනාවක් ඛේදවාචකයක ඉම අද්දරට රැගෙන විත් තිබේ. වසංගතය නිසා අහිමි වන ජීවිතවලට අමතරව සාගතය නිසා මිනිසුන් මිය යන අයුරු දක්නට ද ලෝකයට සිදු වී ඇත. මේ දක්වාම සාගත ගැන බොහෝ විට අසන්නට ලැබුණේ යුද ගැටුම් ද සමඟය. ඊට වෙනස්ව, නූතන ඉතිහාසයේ පළමු වතාවට දේශගුණික විපර්යාස හේතුවෙන්ම ඇති වූ දරුණු සාගතයකට මැඩගස්කරය මුහුණදී සිටී. මැඩගස්කරයේ දකුණු ප්‍රදේශ දශක හතරක ඉතිහාසයේ දරුණුම නියඟය හමුවේ පීඩාවට පත්ව ඇත. ‘ලෝක ආහාර වැඩසටහන’ (WFP) පවසන පරිදි මේ වන විට මිලියන 1.14ක පමණ ජනකායක් ආහාර හිඟයකින් පෙළෙන අතර, 400,000ක් පමණ සාගතයෙන් පීඩා විඳීනි දැනටමත් මාස ගණනක් තිස්සේ ආහාර අහේනියට පිළියම් නැති මිනිසුන්ට කැලෑ කොළ, පතොක්, පළගැටියන්, කුහුඹුවන් වැනි සතුන් අනුභව කරමින් කුසගි...

රුසියානු කොට්ටෝරුවා: ලොව විශාලත ම රේඩාර් පද්ධතිය

Image
  1976 ජූලි මාසයේදී ලොව පුරා රේඩියෝ සංඥා ක්‍රියාකරවන්නන්ට කොට්ටෝරුවකු කොටනවා මෙන්වූ අමුතු හඬක් අසන්නට ලැබුණා. තත්පරයට 10 වරක් එනම් 10Hz ක සංඛ්‍යාතයකින් නිකුත් වුණු මෙය හෙලිකොප්ටරයක රොටරය කරකැවෙන හඬට සමාන එකක්. කිසිදු පෙර දැනුම් දීමකින් සිදු වූ යමක් නොවන නිසා ගුවන්විදුලි මධ්‍යස්ථාන, ගුවන් යානා හසුරුවන මධ්‍යස්ථාන සහ වෙනත් රේඩියෝ සංඥා භාවිත කෙරෙන ස්ථානවල ඒවා ක්‍රියාකරවන්නන් මෙයින් කලබලයට පත් වුණා. NATO සංවිධානය වහාම මැදිහත් වී එම සංඥා පැමිණෙන ස්ථානය හඳුනා ගත් අතර ඔවුන්ට අනුව මෙම සංඥාව නිකුත් කර තිබුණේ උතුරු යුක්රේනයෙන් හෙවත් එවකට සෝවියට් දේශයෙන්. නමුත් සෝවියට් සංගමය ප්‍රසිද්ධියේ මේ සම්බන්ධව කිසිදු වගකීමක් බාර ගත්තේ නැහැ. පසු කාලීනව එය සෝවියට් සංගමය නිර්මාණය කළ ලොව විශාලත ම රේඩාර් පද්ධතිය බව අනාවරණය වුණා. "රුසියානු කොට්ටෝරුවා" (Russian Woodpecker) යන අනුවර්ත නාමයෙන් හැඳින්වුණු මේ සුවිසල් නිර්මාණය ගැන තොරතුරු අප මේ ලිපියෙන් ගෙන එනවා. දියුණු රේඩාර් පද්ධතියක අවශ්‍යතාව රේඩාර් පද්ධති ගැන සඳහන් කළ විට අපට මතක් වන්නේ කොළ පැහැ තිරයක කරකැවෙන ආලෝකයක් සහ ඒ මත තිත් ලෙස දිස්වන සතුරු යානා. ඇතැ...

ඔත්තු බලන Pegasus වෛරසය ශ්‍රීලංකාවේ?

Image
  ඇප් ඔත්තු බලන Pegasus වෛරසය ශ්‍රීලංකාවේ? Chanuka Nadun 24 Jul 2021 Share https://roar.media/sinhala/main/apps/spying-virus-in-srilanka Copy Link 304 නැරඹීම් Share Save for later නිතර දෙවේලේ අන්තර්ජාලයේ සැරිසරන ඔබත් මමත් වගේ ම අද වෙද්දී ඕනෑම ප්‍රධාන මාධ්‍යයක වුවත් අතිශය ප්‍රබල ව  කතා බහට ලක්වෙන මාතෘකාවක් බවට මේ භයානක Pegasus Spyware වැඩසටහන හඳුන්වන්න පුළුවන්. වරක් ඔබේ දුරකථනයට ඇතුළු වූ පසු ඔබේ සියලු ම දත්ත වගේ ම ඔබේ කැමරා, මයික්‍රෆෝනය වැනි උපාංග පවා ක්‍රියාත්මක කර ඔබ ගැන ඔත්තු බලන්නට මේ වැඩසටහනට හැකියාව තිබෙනවා.  මේ වන විටත් මේ මෘදුකාංගය භාවිතයෙන් තම විරුද්ධවාදීන් ගැන ඉත්තු බැලීම පිළිබඳව රටවල් 10කට  පමණ චෝදනා එල්ල වී තිබෙනවා. ඒ අතරට අසල්වැසි ඉන්දියාවත් අයත්. මෙලෙස චෝදනා ලැබූ අනෙක් රාජ්‍යයන් වන්නේ  රුවන්ඩාව, හන්ගේරියාව, අසර්බයිජානය, කසකස්ථානය, සෞදි අරාබිය, බහරේන්, එක්සත් අරාබි එමීර්, මෙක්සිකෝව සහ මොරොක්කෝවයි. Pegasus මගින් ඔත්තු බැලූ බවට හඳුනා ගත දුරකථන අංක ලැයිස්තුවක් අන්තර්ජාලයට නිකුත් වීම සමඟ ම මේ පුවත ලෝකය ම කලඹන්නට සමත් වුණා.  Pegasusමගින් ඔත්තු බැලු බ...