දෙවන ලෝක යුද්ධයේ ආසියාව 1 කොටස
දෙවන ලෝක යුද්ධයේදී ආසියා – පැසිෆික් කලාපය විශාල වැදගත්කමකින් යුක්ත වූ ප්‍රදේශයක් බව නොරහසක්. ඒ ජපානය සහ මිත්‍ර පාක්ෂිකයන් අතර යුද්ධය මෙම ප්‍රදේශයේ දියත් වූ බැවින්. මිත්‍ර පාක්ෂිකයන්ගේ මූලික ම අවධානය යොමු වූයේ ජර්මනියට එරෙහි යුද්ධය සම්බන්ධව යි. පැසිෆික් සාගරයේ දූපත් ආශ්‍රිතව යුද්ධය බොහෝ කොටම ඇමරිකාව සහ ජපානය අතර එකක් වූ අතර ආසියාවේ අනෙකුත් ප්‍රදේශවල විවිධ කණ්ඩායම් මෙම යුද්ධයට දායක වුණා. චීනයේ, මලයාවේ, ඉන්දුනීසියාවේ, ඉන්දු චීනයේ, බුරුමයේ (වත්මන් මියන්මාරය) මෙන්ම ඉන්දියාවේ සහ ලංකාවේ ද සටන් සිදු වුණා. අප ජීවත්වන කලාපය තුළ සිදුවූ දැවැන්ත අවි ගැටුමක් නිසා අපි හිතුවා අග්නිදිග සහ දකුණු ආසියාවේ වගේම චීනයේත් දෙවන ලෝක යුද්ධ සමය පිළිබඳ විස්තර ඔබට ගෙන ඒමට. මෙය එක ලිපියකින් ඔබවෙත සවිස්තරාත්මකව ගෙන එන්නට නොහැකි බැවින් කොටස් පහකින් පමණ යුක්ත වෙනවා. එම සබැඳි කොටස් දෙක , තුන, හතර සහ පහ ලෙසින් ඔබට කියවන්නට පුළුවන්. චීනය සහ සෝවියට් දේශය සමඟ ගැටුම් ජපානය දෙවන ලෝක යුද්ධය ඇරඹීමට වසර කිහිපයකට පෙර චීනය සහ සෝවියට් දේශය සමඟ ගැටුම් ඇති කර ගත්තා. මෙම ගැටුම්වල මූලාරම්භය වූයේ මැන්චූරියානු ආක්‍රමණයයි. 1...